Homeදේශීයලාල් ගැන සංගාගේ සංවේදී සටහන.

ලාල් ගැන සංගාගේ සංවේදී සටහන.

ජ්‍යෙෂ්ඨ නීතිඥ සහ ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් විජේනායකගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සිය සංවේදී ශෝකය පළ කර තිබේ. සිය ළමා කාලයේ මතකයන්, පවුලේ හමුවීම් සහ වසර ගණනාවක් පුරා ඔවුන් අතර පැවති සමීප සබඳතාව සිහිපත් කරමින් සංගක්කාර සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත.

ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාව “ලාල් මාමා” ලෙස ආමන්ත්‍රණය කරමින්, කුමාර් සංගක්කාර ප්‍රකාශ කර ඇත්තේ තමාට සහ තම සහෝදර සහෝදරියන්ට ලාල් විජේනායක දැක්වූ ආදරය, කරුණාව සහ ලෙන්ගතුකම වෙනුවෙන් සදාකාලිකව කෘතඥ වන බවයි. “අපිට ඔබ නැතිව ගොඩක් පාළු වෙයි ලාල් මාමා. මගේ සහ මගේ සහෝදරයන්ගේ ජීවිතවලට ඔබ ලබා දුන් ආලෝකය වෙනුවෙන් මම සැමදා ඔබට කෘතඥ වෙනවා,” යනුවෙන් සංගක්කාර එහි සඳහන් කර තිබේ.

මහනුවරදී ගෙවී ගිය සිය ළමා විය සිහිපත් කරමින් ඔහු පවසා ඇත්තේ, තම පියාගේ කාර්යාලයට පැමිණෙන සෑම අවස්ථාවකම ලාල් විජේනායකයන් තමාට චොකලට් කිරි සහ කෙටි ආහාර රැගෙන දීමට අමතක නොකළ බවයි. එමෙන්ම සෑම වසරකම තමාට උපන්දින තෑගි අරන් දුන් අයුරුද සංගක්කාර සංවේදිතාවයෙන් යුතුව මතක් කර සිටියි.

මහනුවර ප්‍රසිද්ධ ආපනශාලාවලින් පවුලේ සැම එකමුතුව ආහාර ගත් අයුරුද ඔහු සටහන් කර ඇත. ඊට අමතරව සිය නිවසේදී ලාල් විජේනායකයන්, තම පියා සහ විජේ කුමාර් අතර පැවැත්වුණු විවිධ දේශපාලන සංවාදයන් ද සංගක්කාරගේ මෙම මතකයන් අතර වේ.

කුමාර් සංගක්කාර සිය සටහනින් තවත් විශේෂිත වූ සංවේදී සිදුවීමක් සිහිපත් කර තිබේ. එනම්, පාසල නිම වී තමා කැඳවාගෙන ඒමට පැමිණි ලාල් විජේනායක, ඉතා සංවේදී ලෙස සිය සීයාගේ අභාවය පිළිබඳ පුවත තමාට දැනුම් දුන් අයුරුයි.

“අපගේ ජීවිතය සමඟ ඔබේ ජීවිතයේ සුන්දර මතකයන් බෙදාගත්තාට ඔබට ස්තූතියි. ඔබ ලෙසම අප අතර සිටියාට ස්තූතියි. ඔබට අජරාමර නිවන් සුව පතමි!” යනුවෙන් පවසමින් කුමාර් සංගක්කාර සිය උපහාර සටහන අවසන් කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments