ජාතික ජනබලවේගයේ මෙහෙයුම් කම්ටුවේ හා විධායක සභාවේද සාමාජිකයෙකුවූ ජේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහත අභාවප්රාප්ත විය. මියයන විට 87 වන වියෙහි පසුවිය.
ඔහු දීර්ඝ කාලයක් ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකුද වූයේය. පසුව ඉන් ඉවත්වූ ඔහු එක්සත් වාමාංශික පෙරමුණ ගොඩ නැගීමට මුල්විය.
මහනුවර ධර්මරාජ විද්යාලයේ ආදි ශිෂ්යයෙක් වූ විජේනායකයන් , පේරාදෙණිය විශ්ව විද්යාලයේ විද්යා පීඨයේ සහ නීති විද්යාලයේ අධ්යාපනය ලැබීය.
ඔහු පලමු මධ්යම පලාත් සභාවේ විපක්ෂ නායක ධුරයද කලක් හෙබවීය.
ඔහු මහනුවරදී වමේ කේන්ද්රය පිහිටුවීමට නායකත්වය දෙනු ලැබීය. 22 සංශෝධනයට ද විරෝධය දැක්වූ ලාල් විජේනායක ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කරගැනීමේ පනතටද ක්රියාකාරීව විරෝධය දක්වනු ලැබීය.



