Homeදේශීයරට පුරා විදුලිය බිඳ වැටුණු හැටි.

රට පුරා විදුලිය බිඳ වැටුණු හැටි.

රට පුරා පසුගිය 17 වැනි දින සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාවක් ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර තිබේ.

අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ එදින පෙරවරු 11.43ට පමණ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් ලබාදෙමින් තිබූ මෙගාවොට් 187ක විදුලි බලයක් මිලි තත්ත්පර 450ක් ඇතුළත පද්ධතියෙන් අහිමි වූ බවය.

ඒ සමග විදුලි පද්ධතියේ සංඛ්‍යාතය හර්ට්ස් 48.75 දක්වා වේගයෙන් පහත වැටී ඇති අතර අදාළ සිදුවීම ආරම්භ වී තත්ත්පර 4.1ක් ඇතුළත සමස්ත විදුලි පද්ධතිය බිඳවැටී ඇති බවද අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

විදුලි පද්ධතියේ සංඛ්‍යාතය පහත වැටෙන අවස්ථාවලදී එහි ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය විදුලි බර විසන්ධි කිරීමේ ක්‍රමවේදයේ ((Under Frequency Load Shedding – UFLS) අදියර 05ම එම අවස්ථාවේදී ක්‍රියාත්මක වී ඇති බවද ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම අදාළ වාර්තාව මගින් සඳහන් කර තිබේ.

ඒ අනුව මෙගාවොට් 449.2කට සමාන විදුලියක් විසන්ධි වී ඇති අතර එය බිඳ වැටීමට පෙර පැවැති මෙගාවොට් 1,135ක සමස්ත විදුලි ජනනයෙන් 39.6%කට සමාන බවද අදාළ වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වුවත් අදාළ සිදුවීමෙන් විදුලි පද්ධතියේ සම්පූර්ණ බිඳ වැටීම වැළැක්වීමට නොහැකි වී ඇති බවත් අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments