Homeදේශීයඑජාප - සජබ එකතුවේ විපක්ෂ පොදු අපේක්ෂකයා ගැන ඉඟියක්

එජාප – සජබ එකතුවේ විපක්ෂ පොදු අපේක්ෂකයා ගැන ඉඟියක්

ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකම ලැයිස්තුවකින් එක්ව තරග කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පවසයි.

‘අහස ටීවී’ නාලිකාවේ සංවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.

ඉදිරියේදී බොහෝවිට පළාත්සභා මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ ඉදිරි මැතිවරණයට අදාළව එම පක්ෂ දෙකේ දේශපාලන සම්බන්ධතාව පිළිබඳ අදහස් දක්වමිනි.

ප්‍රාදේශීය සභා මට්ටමින් මෙන්ම සමස්ත ලංකාවම ආවරණය වන පරිදි 99%ක්ම මෙම පක්ෂ දෙක අතර වෙනස්වීමක් නොමැතිව එකට වැඩ කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

මීට අමතරව, ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ ඇති සියලුම විපක්ෂ බලවේග එකම ප්‍රතිපත්තියක් සහ මතයක් යටතේ එකඟතාවකට පැමිණිය යුතු බව ද හෙතම වැඩිදුරටත් අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර ඉදිරි මැතිවරණයේදී ඒකාබද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ අවධානය යොමුව ඇති පසුබිමක අජිත් පී. පෙරේරා මෙම ප්‍රකාශය සිදුකළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments