Homeදේශීයසියලු දේ රජය මතම පටවා බලා නොසිටිමු

සියලු දේ රජය මතම පටවා බලා නොසිටිමු

ගෝලීය අභියෝග ජයගැනීමට නම් සියලු දේ රජය මතම පටවා බලා නොසිට, ව්‍යාපාරික ප්‍රජාව සහ පෞද්ගලික අංශය පෙරමුණ ගත යුතු බව මිලින්ද මොරගොඩ අවධාරණය කළේය.

මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපය වැනි ශීඝ්‍රයෙන් වර්ධනය වන නව වෙළඳපොළවල් සොයා යාම, යුරෝපයේ දැනටමත් ජීවත්වන ලාංකික ප්‍රජාව සමග එක්ව වෙළඳ සබඳතා වර්ධනය කරගැනීම සහ නව ආයෝජන අවස්ථා හඳුනාගැනීම සඳහා ව්‍යවසායකයින් ක්‍රියාශීලී විය යුතු බවද Newsfirst “නියමාර්ථය” වැඩසටහනට එක්වෙමින් හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ පෙන්වා දෙයි.

ලෝකය මුහුණ දෙන අවිනිශ්චිත ආර්ථික හා සමාජයීය අර්බුද හේතුවෙන් ජනතාව තුළ ඇතිවන බිය සහ අනාරක්ෂිත බව හමුවේ, ජාතික අනන්‍යතාව සහ දැඩි නායකත්වයන් කෙරෙහි සමාජ නැඹුරුව ඉහළ යමින් පවතින බව ඔහු සඳහන් කරයි.

සාම්ප්‍රදායිකව ලෝකයේ පැවති නිදහස් වෙළඳ ගිවිසුම් හා පොදු තීරුබදු සහන වෙනුවට, එක් එක් රටවල් තම දේශීය නිෂ්පාදන ආරක්ෂා කරගැනීම සඳහා තීරුබදු පැනවීම් සහ ආරක්ෂණවාදී පියවර වෙත යොමුවෙමින් සිටී. එක්සත් ජනපදය ආරම්භ කළ මෙම “තමන්ගේ රටට මුල්තැන” දීමේ ප්‍රතිපත්තිය යුරෝපයේ ප්‍රබල රටවල් ද ක්‍රමයෙන් අනුගමනය කිරීමේ ඉඩකඩක් පවතින බව මිලින්ද මොරගොඩ පෙන්වා දෙයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments