රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණියා.
ඒ අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වීම සඳහායි.
කතානායකවරයා ලබා දී ඇති අවසරයට අනුව ඔහුව පාර්ලිමේන්තුව වෙත රැගෙන ගිය බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න ප්‍රකාශ කර සිටියේ.
හිටපු කතානායක චමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
ඒ එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම විසින් සිදුකරන විමර්ශනවලදී චමල් රාජපක්ෂගෙන් තොරතුරු ලබාගැනීමට නියමිත බව සඳහන්ය.



