දශක හයකට අධික කාලයක් මුළුල්ලේ ගැඹුරු, සවිමත් මෙන්ම මධුර හඬකින් මුළු මහත් දැයක් අවදි කළ ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කලාවේ මහා ප්‍රදීපස්තම්භය වූ ආචාර්ය විශාරද නන්දා මාලිනිය වෙනුවෙන් 2004 වසරේදී කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී උඩවැඩියා මල් සංගමය ප්‍රධානය කළ, ‘නන්දා මාලනී ඇස්කොසන්ඩා’ නමින් නම් කරන ලද දෙමුහුන් කළ උඩවැඩියා මල සිහිපත් කරමින් පරිසර අමාත්‍යංශය සමාජ මාධ්‍ය සටහනක් තබා තිබෙනවා.
ඇගේ නාමය සොබාදහමේ රමණීයත්වයට ද මුසු වී තිබීම විශේෂත්වයක් වන අතර, ශ්‍රී ලංකා උඩවැඩියා සංගමය (Orchid Circle) විසින් ඇයට උපහාරයක් ලෙස නම් කරන ලද “Ascocenda Nanda Malani” උඩවැඩියා මල ඇගේ නාමය සොබාදම් මාතාවගේ තුරුලේ අමරණීය කළ සංකේතයකි.
ගී හඬක් නිහඬ විය හැකි නමුත් ඒ හඬින් දල්වන ලද හෘද සාක්ෂිය කිසිදා නිහඬ කළ නොහැකි බවත්, මලක් පරවී බිම වැටුණද එය සොබාදහමට එක් කළ සුවඳ මැකී නොයන බවත් ඒ වෙනුවෙන් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
අප්‍රමාණ කලා සේවයක් සිදු කරමින් කලා කෙත අස්වැද්දූ ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ ගීතාවලිය දැයේ පරපුරෙන් පරපුරට සදා නොමියෙන සුවඳක් වනු ඇති.
ඇය අපෙන් සමුගත්තද ඇගේ ගී හඬ දැයේ හදවත් තුළ සදා දෝංකාර දෙනු ඇති අතර, ඇගේ නාමය සොබා තුරුලේ සදා මල්වර වනු ඇතැයි පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටින්නේ.