ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉදිරි සතිකිහිපය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මෙම සංචාරයේදී දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
දිවයිනට පැමිණෙන ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමුවීමට නියමිතව තිබේ.
මීට සති දෙකකට ඉහතදී ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතාද ලංකාවට පැමිණ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට දැනුම් දීමට පියවර ගෙන තිබිණ.



