Homeදේශීයපාර්ලිමේන්තුවේ ආහාරපාන සඳහා 2025 වර්ෂයේදී රුපියල් මිලියන 247ක් වැය කරලා.

පාර්ලිමේන්තුවේ ආහාරපාන සඳහා 2025 වර්ෂයේදී රුපියල් මිලියන 247ක් වැය කරලා.

පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදී ගැනීම සඳහා 2025 වර්ෂයේදී රුපියල් මිලියන 247ක (රු. 247,049,010.08ක්) මුදලක් වියදම් කර ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එහි කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.

ඊට අමතරව, 2025 වර්ෂයට අදාළ පාර්ලිමේන්තුවේ කාර්යසාධන වාර්තාව මඟින් අනාවරණය වී ඇත්තේ පානීය ජල බෝතල් මිලදී ගැනීම සඳහා එම වර්ෂයේදී රුපියල් මිලියන 2.2ක (රු. 2,278,758.12ක) මුදලක් වැය කර ඇති බවයි.

එමෙන්ම, පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා ගෑස් තොග මිලදී ගැනීමට අදාළ වර්ෂයේදී රුපියල් මිලියන 3ක (රු. 3,050,850ක) මුදලක් වියදම් කර තිබේ.

අදාළ වාර්තාවට අනුව, ඉහත සඳහන් මිලදී ගැනීම් ඇතුළුව පාර්ලිමේන්තුවේ එම වර්ෂයේ සමස්ත භාණ්ඩ ප්‍රසම්පාදනය සඳහා රුපියල් මිලියන 460ක (රු. 460,272,379.62ක) දැවැන්ත මුදලක් වැය කර ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments