Homeදේශීයලෙබනනයේ මරණ දඬුවම නිල වශයෙන් අහෝසියි

ලෙබනනයේ මරණ දඬුවම නිල වශයෙන් අහෝසියි

තම රට තුළ මරණ දඬුවම නිල වශයෙන් අහෝසි කිරීමට ලෙබනන පාර්ලිමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, නීතිගතව මරණ දඬුවම අහෝසි කළ පළමු මැදපෙරදිග රාජ්‍යය ලෙස ලෙබනනය පත්වෙයි.

ලෙබනන පාර්ලිමේන්තු කථානායක කාර්යාලය විසින් මරණ දඬුවම අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වූ බව නිවේදනය කර තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ලෙබනන අධිකරණ අමාත්‍ය අඩෙල් නසාර් පවසා ඇත්තේ මෙය ඓතිහාසික පියවරක් බවයි.

මෙය රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් තැබූ දැවැන්ත පියවරක් බවත්, අමානුෂික දඬුවම් නතර කිරීමේ පැහැදිලි සන්ධිස්ථානයක් බවත් ‘හියුමන් රයිට්ස් වොච්’ මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ ලෙබනන පර්යේෂක රැම්සි කයිස් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියි.

2024 වසරෙන් පසු ලෙබනනයේ කිසිදු මරණ දඬුවමක් ක්‍රියාත්මක කර නොමැති බව ද පැවැසෙයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments