2026 වසර සඳහා අනුමත ප්‍රතිපාදන යටතේ ආරම්භ කර ඇති සියලුම සංවර්ධන ව්‍යාපෘති ඉදිරි මාස 3 ඇතුළත අවසන් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටු ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
එහිදී විමධ්‍යගත අයවැය වැඩසටහන, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන, “ප්‍රජා ශක්ති” දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන සහ ක්‍රීඩා සංස්කෘතියක් බිහිකිරීමේ වැඩසටහන ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට ලක්කර තිබේ.
ග්‍රාමීය මාර්ග සංවර්ධනයේදී දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී ඉදිරිපත් වන කඩිනම් ජනතා අවශ්‍යතාවලට ප්‍රමුඛතාව ලබා දෙමින් එම කටයුතු ක්‍රියාත්මක කරන ලෙසත්, ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ 2022 වසරේදී නවතා දමන ලද සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මහාමාර්ග අමාත්‍යාංශය මගින් 2026 වසරේදී ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.



