ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුව සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ශ්රී ලංකාව තුළ ක්රිකට් ක්රීඩාව ගොඩනැගීමේදි මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙරට ක්රිකට් ක්රීඩාවේ උන්නතිය වෙනුවෙන් රජයේ දායකත්වය සහ සහයෝගය උපරිමයෙන් ලබා දීමට සූදානම් බවටද ජනාධිපතිවරයා අවධාරණය කළ බව සඳහන්.



