ජර්මානු ආයතනයක් වන Kinder Not Hilfe (KNH) අනුග්‍රහයෙන් Viluthu Centre for Human Resource Development ආයතනය විසින් සංවිධානය කරන ලද ඉලන්තළිර් (Protecting and Promoting Child rights in Conflict- affected Communities in Sri Lanka) ව්‍යාපෘතිය යටතේ ළමා අධ්‍යාපන ක්ෂේත්‍ර චාරිකාව සාර්ථකව අවසන් විය.
Viluthu Centre for Human Resource Development ආයතනයේ KNH, ඉලන්තළිර් ව්‍යාපෘතිය යටතේ, පුත්තලම සහ වනාතවිල්ලුව ප්‍රදේශවල ළමා නියෝජිතයින් සඳහා ජූලි 5 සහ 18 යන දිනවල කල්පිටිය ප්‍රදේශයට අධ්‍යාපන ක්ෂේත්‍ර චාරිකා දෙකක් සාර්ථකව සංවිධානය කරන ලදී.
මෙම චාරිකාවල ප්‍රධාන අරමුණ වූයේ පන්ති කාමරයට පමණක් සීමා නොකොට ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීම් ලබාදීමත්, සංහිඳියාව, සංස්කෘතික අවබෝධය, විවිධත්වයට ගරු කිරීම, සාමකාමීත්වය හා සහජීවනය යන කරුණු ප්‍රවර්ධනය කිරීමත්ය.
මෙම ක්ෂේත්‍ර චාරිකාවලදී ළමා නියෝජිතයින් ශ්‍රී බෝධිමළු විහාරය, පුත්තලම මුස්ලිම් මහපල්ලිය, නරක්කල්ලී කාලි කෝවිල, තලවිල ශාන්ත ආනා දේවස්ථානය, කල්පිටිය ලන්දේසි බලකොටුව, පුත්තලම ලුණු ලේවාය, නොරොච්චෝලේ (ලක්විජය) ගල්අඟුරු විදුලි බලාගාරය සහ ගෙවත්තක් ඇතුළු ආගමික, ඓතිහාසික, කාර්මික සහ කෘෂිකාර්මික වශයෙන් වැදගත් ස්ථාන රැසක් නැරඹූහ.
මෙම චාරිකාවන් මඟින් ළමුන්ට බෞද්ධ, ඉස්ලාම්, හින්දු හා ක්‍රිස්තියානි ආගමික විශ්වාසයන්, චාරිත්‍ර, සංස්කෘතික සම්ප්‍රදායන් සහ සෑම ආගමක්ම උගන්වන ආදරය, කරුණාව, සමානාත්මතාවය, ගෞරවය, සමාව දීම සහ සාමකාමීත්වය හා සහජීවනය වැනි මානවීය වටිනාකම් සෘජුවම ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණි. බොහෝ ළමයින්ට තම ආගමට අයත් නොවන සහෝදර ආගමික ස්ථාන නැරඹීමට ලැබුණු පළමු අවස්ථාව මෙය වීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය.
මීට අමතරව ලුණු නිෂ්පාදනය, නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි නිෂ්පාදන ක්‍රියාවලිය, ගෙවතු වගාව සහ කල්පිටිය ලන්දේසි බලකොටුවේ ඓතිහාසික වැදගත්කම පිළිබඳවද ළමුන් ප්‍රායෝගික දැනුමක් ලබා ගත්හ. මෙම අත්දැකීම් මඟින් පන්ති කාමරයේ දී ඉගෙන ගත් දෑ සැබෑ ජීවිත අත්දැකීම් සමඟ සම්බන්ධ කරගැනීමටත්, ශ්‍රී ලංකාවේ ඉතිහාසය, පරිසරය, විවිධත්වය සහ ජාතික සංවර්ධනය පිළිබඳ ඔවුන්ට පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.
චාරිකාව පුරා ළමයින් ඉතා උනන්දුවෙන් සාකච්ඡාවලට සහභාගි වෙමින් ප්‍රශ්න ඇසූ අතර තම අත්දැකීම් ද බෙදාගත්හ. තවද විවිධ ජනවාර්ගික හා ආගමික පසුබිම්වලින් පැමිණි සමවයසේ මිතුරන් සමඟ නව මිතුදම් ද ගොඩනඟා ගත්හ. මෙම ක්ෂේත්‍ර චාරිකා මඟින් සංහිඳියාව, අන්‍යෝන්‍ය ගෞරවය සහ විවිධත්වය අගය කිරීම පිළිබඳ ඔවුන්ගේ අවබෝධය තවදුරටත් ශක්තිමත් වූ අතර, තම පාසල සහ ප්‍රජාව තුළ සාමය ප්‍රවර්ධනය කරන තරුණ නායකයින් ලෙස පෙනී සිටීමට ඔවුන් දිරිගැන්වීය.
KNH ඉලන්තළිර් ව්‍යාපෘතිය යටතේ විලුදු ආයතනය, මෙවැනි අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම් අවස්ථා තුළින් ළමුන්ගේ දැනුම, නායකත්ව කුසලතා, ආත්ම විශ්වාසය සහ සමාජ වගකීම වර්ධනය කිරීමටත් සැමට ගරු කරන, සාමකාමී සහ සංහිඳියාවෙන් යුත් සමාජයක් ගොඩනැගීමටත් අඛණ්ඩව කටයුතු කරන ආයතනයකි.




