පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකු වෙත පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සභාගත කළ පිළිතුරකට අනුවයි.
කැබිනට් අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්දන අබේරත්න සහ වෛද්‍ය සුසිල් රණසිංහ හිටපු කතානායක අශෝක රන්වල මේ අතරට අයත්.
ජාතික ජන බලවේගය නියෝජනය කරන මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් ශාන්ත සහ රුවන් විජේවීර,මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් බියන්විල සහ දිනේෂ් හේමන්ත සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ ගමගේට මෙලෙස පොලිස් ආරක්ෂාව සපයා ඇත.
සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්,මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.එම් ධර්මසේනටත් පොලිස් ආරක්ෂාව හිමිව ඇත.
ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ ශානක්කියන් රාසමානික්කම් සහ සිවඥානම් ශ්රීධරන්ටද පොලිස් ආරක්ෂාව හිමිව තිබේ



