Homeදේශීයකාදිනල් හිමිගේ විශ්‍රාම ගැනීමේ ලිපිය ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත යොමු කරලා

කාදිනල් හිමිගේ විශ්‍රාම ගැනීමේ ලිපිය ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත යොමු කරලා

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වයස අවුරුදු 75 සම්පූර්ණ වීමත් සමඟ, කතෝලික සභාවේ ශාසන නීතියට අනුකූලව සිය ස්වකීය විශ්‍රාම ගැනීමේ ලිපිය අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත යොමු කර ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනය කරයි.

ලෝකයේ ඕනෑම කතෝලික පදවියක රදගුරු ප්‍රසාදීන් වහන්සේ නමකගේ වයස අවුරුදු 75 සම්පූර්ණ වූ පසු විශ්‍රාම ගැනීමේ ලිපිය පාප් වහන්සේ වෙත භාර දීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත්, එම ලිපිය පිළිගැනීම සහ විශ්‍රාම ගැන්වීමේ දිනය තීරණය කිරීමේ පූර්ණ බලය පාප් වහන්සේ සතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

පාප් වහන්සේගෙන් ඒ සඳහා අවසර ලැබෙන තෙක් කාදිනල් හිමිපාණන් සිය ධුරයේ වගකීම් තවදුරටත් අඛණ්ඩව ඉටු කරනු ඇත.

කාදිනල් හිමිපාණන් සිය ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුණු භාවිත කරන බවට ඇතැම් පාර්ශව සහ සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කරන චෝදනා රදගුරු සම්මේලනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments