මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වීමෙන් අනතුරුව ආනන්ද විජේපාල ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරිමට සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන්න ලෙසත් ඉල්ලා මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණා.



