අධිකරණ සේවා සංගමය ඇතුළු විනිසුරුවරුන්ගේ සංගම් කිහිපයක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රැස්වීමක් සඳහා කැඳවා ඇත.
එම රැස්වීම අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව වාර්තා වෙයි.
මහේස්ත්‍රාත්, මහාධිකරණ,දිසා අධිකරණ,අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර සංගම් මෙම සාකච්ඡාවට කැඳවා ඇති බව සඳහන්.
මෙහිදී අධිකරණ ක්ෂේත්‍රයට බලපාන විශේෂ තීරණයක් ගැනීමට අදහස් විමසීමක් සිදු කරන බවට වාර්තා වී ඇත.



