ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රයේ දැවැන්ත සමාගම් දෙකක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් සහ මෙල්වා එක් වී පෝට් සිටිහි ජාත්‍යන්තර මට්ටමේ මරීනා-ෆ්රන්ට් සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ දිගු කාලීන ආර්ථික අනාගතය පිළිබඳව වර්ධනය වන විශ්වාසය පිළිබිඹු කරමින් මෙම සමාගම් දෙක පෝට් සිටිහි මරීනා කළාපයේ පිහිටි අක්කර හතරක වටිනා ඉඩම් කොටසක් අත්පත් කර ගෙන ඇති අතර එහි සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 57.6 ක ආයෝජනයක් සිදු කිරීමට නියමිතය.
ව්‍යාපෘතිය සම්පූර්ණ වීමෙන් අනතුරුව ඇමෙරිකානු ඩොලර් මිලියන 250කට අධික ආදායමක් අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ පළමු විදේශ මුදල් භාවිත විශේෂ ආර්ථික කළාපය වන පෝට් සිටි තුළ කෙරෙන මෙම සංවර්ධනය මෙරට සුඛෝපභෝගී ජලාශ්‍රිත නාගරික ජීවන රටාවට නව ජාත්‍යන්තර ප්‍රමිතියක් එක් කරනු ඇතැයි කර්මාන්ත ක්ෂේත්රය විශ්වාසය පළ කරයි.
මෙම සංවර්ධනයේ විශේෂත්වය වන්නේ සාගරය සහ ඇළ යන ජල මාර්ග දෙකටම සෘජු මුහුණතක් හිමි වීමයි. එම නිසා සෑම නිවාස ඒකකයක්ම බාධාවකින් තොරව සාගර හා ජලාශ්‍රිත දර්ශන උපරිම ලෙස භුක්ති විඳිය හැකි ආකාරයට සැළැසුම් කර ඇත.
නවීන සුඛෝපභෝගී ජීවන රටාව, අලංකාර ගෘහ නිර්මාණ ශිල්පය සහ ජාත්‍යන්තර මට්ටමේ නාගරික පහසුකම් මෙහිදී එකට එක් වෙයි.
මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී නිවාස සංවර්ධනයක් පමණක් නොව ශ්‍රී ලංකාව ගෝලීය ආයෝජන සිතියමේ තවත් ඉහළ ස්ථානයකට රැගෙන යාම සඳහා වූ දිගු කාලීන දැක්මක කොටසක් ලෙසද සැළැකේ.
ජාත්‍යන්තර වශයෙන් මරීනා-ෆ්රන්ට් දේපොළ සුඛෝපභෝගී දේපොළ වෙළෙඳපොළේ ඉහළම ඉල්ලුමක් ඇති වත්කම් අතරට අයත් වන අතර මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වඩාත්ම සුවිශේෂ ජලාශ්‍රිත ලිපිනය බවට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.



