Homeදේශීයශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය

ශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය

ශ්‍රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ නරකම ක්‍රියාකාරී මුදල් ඒකකය බව ‘බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික වෙබ් අඩවියක් වෙන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ශ්‍රී ලංකා රුපියල පිළිබඳ වාර්තාවක් පළ කරමින් මේ බව සඳහන් කර තිබේ.

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව පහත වැටීමකට ලක් වූ අතර එය තවදුරටත් අවප්‍රමාණය විය හැකි බව එම වාර්තාවේ සඳහන්ය.

මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතා කෙටි කාලයක් තුළ විශාල ලෙස අවප්‍රමාණය වීම මෙරට ආර්ථිකයට භයානක අවදානමක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය පාලනය කිරීමට කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේ දී උද්ධමනය ද විශාල ලෙස ඉහළ යා හැකි බවය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments