Homeදේශීයවාහන 4000 කතාවේ ඇත්තම විස්තරය

වාහන 4000 කතාවේ ඇත්තම විස්තරය

වාහන ආනයනයේදී රේගු ආනයන බද්ද 50%කින් ඉහළ දැමීමේ ගැසට් නිවේදනය නිකුත් වීමට පෙර දිනයේදී මෙරට ව්‍යාපාරික ආයතන කිහිපයක් විසින් වාහන 4000ක් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කර ඇති බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩුවට චෝදනා කර තිබිණි.

රජයේ රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත, එලෙස එල්ල වන චෝදනාවන්ට පිළිතුරු ලබාදීමක් සිදුකළේය.

“15 වෙනිදා LC විවෘත කරලා තියෙන්නේ වාහන 1782ක් සඳහා පමණයි. ඩොලර් මිලියන 23.71 යි. මේක තමා දත්තය. ඇත්ත. ඒත් ඒ ප්‍රමාණය සාමාන්‍ය ගණනට වඩා වැඩි ද කියන එක කාට හරි හිතන්න පුලුවන්. ඩොලර් ඉල්ලුම වැඩි වේගෙන එද්දි මුලින්ම බාදාවක් ඇති කරන්නේ වාහන වලට කියලා ඒ ක්ෂේත්‍රයේ ඉන්න ඕනෙ කෙනෙක්ට තේරෙනවා. ඒ නිසා ඉක්මනින් ලිපි විවෘත කරගන්න උත්සාහ කරනවා.

මැයි නෙමේ මාර්තු මාසයේ එක දිනයකදි ඩොලර් මිලියන 47ක ලිපි විවෘත කරලා තියෙනවා. ඒ වෙලාවේ මේ ක්‍රියාමාර්ගය ගනීවි කියන උපකල්පනය කරලා තියෙනවා. මැයි මාසේ ගත්තත් ඩොලර් මිලියන 2, 4, 8, 11වගේ දවසක අගයන් ගිහින් තියෙනවා. 15 වෙනිදා සිකුරාදා දිනයක් ඉදිරි දවස් දෙකටත් එක්කම තමා ලිපි විවෘත කරන්නෙ. තීරණය ගත්තට පස්සේ පවා 18 වෙනිදා ඩොලර් මිලියන 17ක ලිපි විවෘත කරලා තියෙනවා. මොකද මේ කියන්නේ සියලුම වාහන, අධිභාරය වලංගු නොවන වාහනද ඇතුළත්ව.

මුදල් අමාත්‍යංශ මූලාශ්‍රයන්ට අනුව පසුගිය 15 වැනි දින වාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කර ඇති ආනයනකරුවන් පහත පරිදි වේ.

බද්ද වැඩි කිරීමට පෙර දින (15) ණයවර ලිපි විවෘත කළ වාහන ලැයිස්තුව

මුළු වටිනාකම: USD 23.71 million
මුළු වාහන සංඛ්‍යාව: 1,782

ආනයනකරු / සමාගම වාහන ගණන

  • Hayleys Mobility 833
  • United Motors Lanka PLC 205
  • Diesel & Motor Engineering PLC (DIMO) 180
  • Associated Motorways (AMW) 165
  • Micro Cars Limited 120
  • Carmart (Private) Limited 90
  • Prestige Automobile (Pvt) Ltd 65
  • Ideal Motors (Pvt) Ltd 50
  • Senok Automobile (Pvt) Ltd 28
  • John Keells CG Auto (JKCG) 12
  • පුද්ගලික නම්වලට (Individual / Private imports) 34

මුළු එකතුව: 1,782

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments