HomeදේශීයGMOA සැමරුමට ජනපති,අගමැති ඇමැති නෑ.

GMOA සැමරුමට ජනපති,අගමැති ඇමැති නෑ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) වසර සියයක් (1926-2026) සම්පූර්ණ වීම නිමිත්තෙන් සමරු උත්සවයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) සිදු කෙරිණි.

හිටපු ජනාධිපතිවරු, මැති ඇමැතිවරු, සක්‍රීය දේශපාලන පක්ෂවල නියෝජිතයින් සහ උසස් අධ්‍යාපන, වෛද්‍ය, වෘත්තීය ආයතන රැසක නියෝජිතයන් ඊට සහභාගි වූහ.

ජනාධිපති, අගමැති, සෞඛ්‍ය ඇමති, සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිට ආරාධනා කර තිබුණ ද ඒ කිසිවකු හෝ ඊට සහභාගී වී නැහැ.

එපමණක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරු කිහිපයක් සදහා නිලධාරීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් එම වෙලාවටම යොදා ගැනීමෙන් යම් පිරිසකටද සහභාගී වීමට නොහැකි ලෙස කටයුතු යොදා තිබුණු බව දැනගැනීමට ලැබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments