Homeදේශීයතලපති විජේ හෙට තමිල්නාඩුවේ මහඇමති

තලපති විජේ හෙට තමිල්නාඩුවේ මහඇමති

තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස ඉන්දීය සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ හෙට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දීමට සැලසුම් කර ඇත.

ඉන්දීය වාර්තා සඳහන් කළේ විජේගේ නායකත්වයෙන් යුත් ටී.වී.කේ. පක්ෂයේ නියෝජිතයින් අද ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවීමට ද නියමිත බවයි.

දෙමළ සිනමාවේ සුපිරි නළු විජේගේ TVK පක්ෂය 17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දැවැන්ත ජයක් ලබා ගෙන ඇත.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ DMK සහ AIADMK පක්ෂවල ආධිපත්‍යය බිඳ දැමීමට මෙමගින් ඔහු සමත් වී ඇති බවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments