Homeදේශීයමැයි දින පෙළපාළි, රැලි හා රැස්වීම් තිස් නවයක්

මැයි දින පෙළපාළි, රැලි හා රැස්වීම් තිස් නවයක්

මැයි පළමු වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති එක්ව දිවයින පුරා මැයි දින පෙළපාළි, රැලි හා රැස්වීම් තිස් නවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ජන රජයට ජන බලයක් යන තේමාව යටතේ රට පුරාම දිස්ත්‍රික් මට්ටමින් මැයි දින රැලි විසි එකක් පැවැත්වීමට නියමිත අතර ජනාධිපති අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේදී සහ මහරගමදී ප්‍රධාන රැලි දෙකක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇත.

බස්නාහිර පළාත තුළ මැයි දින පෙළපාළි, රැලි හා රැස්වීම් දහයක් සහ අනෙකුත් පළාත් නියෝජනය කරමින් පෙළපාළි, රැලි හා රැස්වීම් විසි නවයක්ද පැවැත්වේ.

එමෙන්ම ‘පච මදිවට හොරු’ සමගි ජන බලවේගය මැයි දින රැලිය මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මැයි හමුව යන්න තේමා කර ගත් සර්ව ජන බලවේග පක්ෂයේ මැයි දින රැලිය පක්ෂ නායක දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් කොළඹ 05 හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දින රැලිය පවත්වනු ලබන්නේ පක්ෂයේ සභාපති නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදීය.

තවද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ.

එමෙන්ම මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇත්තේ වෙසක් පොහොය යෙදෙන පුර පසළොස්වක පොහෝ දිනක වන හෙයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය මැයි දින රැලි පැවැත්වීමෙන් වැළකී ආගමික වැඩසටහන් පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිවයිනම ආවරණය වන පරිදි සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන ලෙස ආගමික වැඩසටහන්වල නිරතවීමට තීරණය කර ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කැලණිය රජමහා විහාරයේදී පිංකමක්ද එක්සත් ජාතික පක්ෂය විසින් පිරිත් වැඩසටහනක් හා දානමය පිංකමක් මිරිහාන ජාතික සේවක සංගම් කාර්යාලයේදී පැවැත්වේ.

තවද මැයි පළමු වැනිදා දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරන ගුණ සැමරුම් උත්සව හතරක් පැවැත්වේ.

සමගි ජන බලවේගය හා රණසිංහ ප්‍රේමදාස පදනම විසින් පවත්වනු ලබන ගුණ සැමරුමක් කෙසෙල්වත්ත දිවංගත රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසලදී ද, නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වන සැමරුම් වැඩසටහනක් කොල්ලුපිටිය රොටුන්ඩා වටරවුමේ ටී.බී. ඉලංගරත්න පිළිරුව අසලදී ද,
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පොල්ගහවෙල ආසන සංවිධායක සරත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් පවත්වන සැමරුම් උත්සවයක් කුරුණෑගල නගර ශාලාවේදීද, ලංකා කම්කරු කොංග්‍රසය පවත්වන සැමරුම හයිෆොරස්ට් අංක 03 දලු මඩුව අසලදී ද පවත්වනු ලබයි.

ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පෙළපාළියක් සහ රැලියක් බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

එසේම එක්සත් සමාජවාදී පක්ෂය ග්‍රෑන්ඩ්පාස්හිදී හා ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය කිලිනොච්චියේදී ද ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යාපනයේදී ද පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පෙළපාළිියක් හා රැලියක් නොච්චියාගම බස් නැවතුමේදී හා පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමිගේ ප්‍රධානත්වයෙන් ජනසෙත පෙරමුණ පවත්වන රැලිය කතරගම බස් නැවතුමේදී ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මුලංකාවිල් හි ද කම්කරු දින පෙළපාලි හා රැලි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මීට අමතරව සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමය හා ලංකා උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන්ගේ වෘත්තීය සමිතිය කල්මුණේදී රැස්වීමක්ද, සයින්දමරුදු වෙළෙඳ සංගමය සේවය ඇගයීමේ වැඩසටහනක් හා කඳුරට සේවක වෘත්තීය සමිතිය පස්සරදී පෙළපාළියක්, කල්මුණ නාගරික පොදු වෙළෙඳපොළ වෙළෙඳ සංගමය කල්මුණේදී ධජ එසවීමක් මෙන්ම ලංකා බැංකු සේවක සංගමය කෙසෙල්වත්ත ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදී මැයි දින රැලියක් පවත්වයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments