Homeදේශීයතෙල් මිල වැඩිවුණේ මිල සූත්‍රයටද

තෙල් මිල වැඩිවුණේ මිල සූත්‍රයටද

පසුගියදා සිදුකළ තෙල් මිල සංශෝධනය තෙල් මිල සූත්‍රයට අනුකූලව සිදුකළ එකක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසනවා.

මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වාදුන්නේ ලෝක වෙළඳපොළේ මිල ගණන් සීඝ්‍රයෙන් වෙනස් වීම හමුවේ මිල සූත්‍රය ගණනය කරන කාලසීමාවන් පමණක් වෙනස් වී ඇති බවයි.

කෙසේ වෙතත් පසුගියදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේදී පවතින සුවිශේෂී තත්ත්වයන් හේතුවෙන් මිල සූත්‍රය අනුව කටයුතු කිරීමට නොහැකි වූ බවට කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණා.

ඒ පිළිබඳව මයුර නෙත්තිකුමාරගේ මහතා වැඩිදුරටත් දැක්වු අදහස් :

“රජය විසින් යම්කිසි කොටසක් භාර අරගෙන තිබෙනවා ඇමතිවරයා ඒක අදහස් කරන්න ඇති. නමුත් තෙල් මිල කියන එක තෙල් මිල සූත්‍රයට අනුව තමයි වැඩි කළේ. තෙල් මිල සූත්‍රය කියන්නේ අමුතු සූත්‍රයක් නෑ. තෙල් ගේන ගාණ තියෙනවා. යන වියදම තියෙනවා. ඕකට ඇර වෙන එකක් නෑනේ.ඇමතිතුමා අදහස් කරන්න ඇත්තේ, රුපියල් සීයයක් රජය විසින් භාර ගත්තාම එතකොට මිල සූත්‍රයට අනුව එන්න ඕනේ ගාණනට නෙමෙයි තියෙන්නේ ඊට වැඩිය අඩු ගාණකට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කරන්නේ මිල සූත්‍රයට අනුව හදලා රජයට ඒක දැනුම්දෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments