Homeදේශීයවිශ්වාසභංගය අද බාරදෙයි

විශ්වාසභංගය අද බාරදෙයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට භාරදීමට නියමිතව තිබේ.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීම සිද්ධිය සහ කුමාර ජයකොඩි මහතා වත්මන් අමාත්‍ය ධුරය දැරීමට පෙර සිදුකළ බව පවසන දූෂණ අක්‍රමිකතා චෝදනාවකට අදාළව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව අද පෙරවරුවේ එම යෝජනාව කථානායකවරයා වෙත භාරදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පැවසුවේය.

මේ අතර විපක්ෂය විසින් ගෙන එනු ලබන ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

අදාළ විවාදය හෙට දිනයේත් පැවැත්වීමට නියමිත අතර හෙට දිනයේ පැවැත්වෙන විවාදය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද අදහස් දැක්වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව සඳහන්ය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments