Homeදේශීයවිදුලිබල ඇමතිට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ

විදුලිබල ඇමතිට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට

සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියා සිටියේ, තම පක්ෂය විසින් මෙම තීරණය ඒකමතිකව ගනු ලැබූ බවත්, ඒ සඳහා විපක්ෂයේ සෙසු දේශපාලන කණ්ඩායම්වල සහයෝගය ලබා ගැනීමට ද සාකච්ඡා පවත්වන බවත්ය.

මෙම විශ්වාසභංග යෝජනාව ප්‍රධාන කරුණු දෙකක් පදනම් කරගනිමින් ගොනු කර ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ඉන් පළමුවැන්න ලෙස අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබීම පෙන්වා දුන්නේය. 2015 වසරේ පොහොර සංස්ථාවේ ටෙන්ඩර් මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේ රුපියල් මිලියන 8ක මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවටවන මෙම චෝදනාව මත අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, ඔහුට තවදුරටත් අමාත්‍ය ධුරය දැරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව අජිත් පෙරේරා මන්ත්‍රීවරයා පවසයි.

විශ්වාසභංගයට පාදක වී ඇති දෙවන කරුණ වන්නේ ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසි ලෙස කළමනාකරණය කිරීමට අමාත්‍යවරයා අපොහොසත් වීමය. මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් බිලියන 1.2ක පමණ අතිවිශාල පාඩුවක් සිදුව ඇති බවත්, එය රටේ බලශක්ති සුරක්ෂිතතාවයට දැඩි තර්ජනයක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

රජය තුළ සිටින, තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ස්වාධීන තීරණ ගත හැකි මන්ත්‍රීවරුන්ට ද මෙම යෝජනාවට සහය දෙන ලෙස සමගි ජන බලවේගය විවෘත ආරාධනයක් ද සිදු කර ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments