Homeදේශීයවතු සේවකයන්ගේ දෛනික වැටුප රු. 1,750ක් දක්වා වැඩිකිරීමේ ගිවිසුමට

වතු සේවකයන්ගේ දෛනික වැටුප රු. 1,750ක් දක්වා වැඩිකිරීමේ ගිවිසුමට

වතු සේවකයන්ගේ දෛනික වැටුප රු. 1,750ක් දක්වා වැඩිකිරීමට අදාළ ගිවිසුමට ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය අද වැවිලි සහ ප‍්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී අත්සන් කළා.

අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පඩිපාලක සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

2026 අයවැය යෝජනාව අනුව දැනට රුපියල් 1,350ක් ලෙස ගෙවෙන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 400කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

මෙම වැඩිවීමෙන් රුපියල් 200ක් වැවිලි සමාගම් මඟින් සහ ඉතිරි රුපියල් 200 රජය මඟින් ලබා දෙන බවට එකඟතාවක් ඇති අතර, ඒ අනුව දෛනික වැටුප රු.1,750 දක්වා ඉහළ යනු ලබනවා.

වැටුප් වැඩිවීම 2026 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන අතර, ජනවාරි මාසයේ සේවක පැමිණීම් වාර්තා පෙබරවාරි 3 වන දිනට ලැබුණු පසු, රජය මඟින් ප්‍රාදේශීය සමාගම් වෙත දායක මුදල් මුදා හැරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

එමෙන්ම වැවිලි සමාගම් සේවක බැංකු ගිණුම් තොරතුරු ලබා දී ඇති අතර, ඒ අනුව රු. 200ක දීමනාව බැංකුගත කිරීමේ කටයුතු ද සූදානම් කර තිබුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments