Homeදේශීයනොරොච්චෝලේ මෙගාවොට් 100 ක් අඩුවීම

නොරොච්චෝලේ මෙගාවොට් 100 ක් අඩුවීම

මෙරටට ගෙන්වන ලද තෙවන ගල් අඟුරු තොගය ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව බරපතල ලෙස පහත වැටී ඇති බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව පැවසීය .

දත්ත වාර්තා උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, ගල්අඟුරු බලාගාර ත්‍රිත්වයම ක්‍රියාත්මක වන විට මෙගාවොට් 810ක ජනනයක් සිදුවිය යුතු වුවත්, මෙම බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් දැනට ජනනය කළ හැක්කේ මෙගාවොට් 710 ක උපරිම ධාරිතාවක් පමණක් බවයි.

මේ හේතුවෙන් අහිමි වන මෙගාවොට් 100 ක විදුලි ධාරිතාව පිරවීම සඳහා අධික පිරිවැයක් දරමින් ඛනිජ තෙල් භාවිතා කරමින් විදුලිය නිපදවීමට සිදුවන බව ඔහු පවසයි . වැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හේතුවෙන් පාරිභෝගිකයා මත අමතර පිරිවැයක් පටවා ඇති බව ඔහු සඳහන් කරයි .

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments