මේ වන විට ඉරානයේ ඇතිවී තිබෙන දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන් පනස් දෙනකු පමණ එරට සිරවී සිටින බවට ඥාතීහු විදේශ කටයුතු අමාත්‍යාංශයට තොරතුරු ලබාදී තිබේ.
ඉරානයේ පවතින උද්ඝෝෂණ හා ප්‍රචණ්ඩකාරී තත්ත්වය හමුවේ 2500කට අධික පිරිසක් මියගොස් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර ඇමරිකාව හා ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් ඉරානයේ සිටින අයට වහාම එරටින් පිටවන ලෙසට දැනුම් දී ඇත.
මේ වන විට ඉරාන රජය එරට ජංගම, ස්ථාවර සහ ජාතික අන්තර්ජාල පද්ධතිවලට ප්‍රවේශ වීම සීමාකර තිබෙන අතර ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ටද මෙරට සිටින ඥාතීන් සමග හෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමග සම්බන්ධතා පවත්වා ගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.
මේ අතර විදෙස් ගුවන් සමාගම් ඉරානයට ගුවන් ගමන් නතර කර ඇති අතර ඉරානයේ තත්ත්වය තවදුරටත් දරුණු වී යාමේ අවදානමක් ද මතුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේ වෙතත් ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ දක්වා කිසිවක් ප්‍රකාශයට පත්කර නැත.



