Homeදේශීයඅතිරේක සොලිසිටර් ජනරාල් සුමති

අතිරේක සොලිසිටර් ජනරාල් සුමති

මෙතෙක් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් තනතුරට උසස් කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් තනතුරු දෙකක් පවතී.

මෙයට පෙර එම තනතුරු දැරූ ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය, අභියාචනාධිකරණ සභාපති ධුරයට පත් වූ අතර ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳී විශ්‍රාම ලැබීය.

එලෙස පුරපාඩු තනතුරු දෙකෙන් එකකට සුමති ධර්මවර්ධන පත් කර ඇති අතර ඉතිරි තනතුර සඳහා ජනාධිපති නීතිඥ හරිප්‍රියා ජසුන්දර පත්කරනු ඇතැයි වාර්තාවේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments