Homeදේශීයසුනාමියට වසර විසිඑකයි.

සුනාමියට වසර විසිඑකයි.

සුනාමි ඛේදවාචකයට වසර විසි එකක් ගතවන මොහොතේ සුනාමියට හසුවූ සුනාමි දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර තිබේ.

එම දුම්රිය පැරෑලිය සුනාමි ඛේදවාචකයෙන් මිය ගිය අය සිහි කරන ස්මාරකය අසල විනාඩි දහයක් නතර කර මියගිය අය සිහි කර නැවත ගමන් ආරම්භ කර ඇත.

මේ වන විට අක්‍රීය වී ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු යළි සක්‍රීය කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කළ බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළේ ඒ සඳහා ඉන්දියාවේද සහය ලබා ගන්නා බවයි.

2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් පසු සුනාමි අවස්ථාවකදී ජනතාවට ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව කුළුණු 77ක් පිහිටුවා තිබේ.

එහෙත් එම සියලු කුළුණු මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින බවට වාර්තා වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments