Homeදේශීයසාංචිය වැදපුදා ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු

සාංචිය වැදපුදා ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පසුගියදා ඉන්දියාවේ සාංචි මහා පුදබිමට පැමිණ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා සහ ධර්මාශෝක අගරජු ඉදිකළ සාංචි චෛත්‍ය සංකීර්ණය වැඳ පුදා ගත් බව සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් බෝපාල් හි පැවති අන්තර් ජාතික 3වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සමුළුවකට සහභාගී වූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නව දෙනකු මෙම සාංචි පුදබිමට පැමිණි එම පුරාවිද්‍යා ස්මාරක නැරඹීමට එක්වූ බවත් ඉගෙන විහාරවාසී පණ්ඩිත උඩුගම තපස්සි හිමියෝ පැවසූහ.

ඊට අමතරව මියන්මාරයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ මෙරට මහාධිකරණ විනිසුරුවරුන් පිරිසක් ද පසුගිය දිනක සාංචි පුද බිමට පැමිණි බව සාංචි චේතියගිරි විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නා හිමියෝ පැවසූහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments