2025 වසරේ මුල් මාස 10 තුළ රජයේ සමස්ත බදු ආදායම රු. බිලියන 4,033ක් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වනවා.
එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 1,809ක්, ශ්‍රී ලංකා රේගුව හරහා රු. බිලියන 1,970ක් හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 192ක් ලෙසින් බදු ආදායම් උපයා තිබෙනවා.
තවද වෙනත් වශයෙන් රු. බිලියන 62ක් සඳහන් වනවැ.
මුදල් අමාත්‍යාංශය පවසන පරිදි 2025 වසරේ මුල් මාස 10 දී, වාහන ආනයනය හරහා උපයා ඇති බදු ආදායම රු. බිලියන 302කින් ඉහළ ගොස් තිබෙනවා.
2024 වසරේ මුල් මාස 10 හි වාහන ආනයන බදු ආදායම රු. බිලියන 48ක් ලෙසින් සටහන් වන අතර ඒ අනුව එය 2025 වසරේ දී රු. බිලියන 350ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
රජයේ බදු ආදායමට ඉහළම දායකත්වය VAT බදු මගින් ලැබී ඇති අතර එය රු. බිලියන 1,615ක්.
මීට අමතරව ආදායම් බදු මගින් රු. බිලියන 1,167ක් 2025 ජනවාරි – ඔක්තෝම්බර් කාලපරිච්ඡේදය තුළ දී ලබා ගැනීමට රජයට හැකිවී තිබෙනවා.



