Homeදේශීයසියලුම ජලාශවල සමස්ත ධාරිතාවයෙන් 80%ක් ගබඩාවෙලා

සියලුම ජලාශවල සමස්ත ධාරිතාවයෙන් 80%ක් ගබඩාවෙලා

මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 36ක් ඇතුළුව ජලාශ 71ක් වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ, දෙපාර්තමේන්තුවට අයත් සියලුම ජලාශවල සමස්ත ජල ධාරිතාවයෙන් 80%ක් පමණ මේ වන විට ගබඩා වී ඇති බවයි.

මේ අතර, මල්වතු ඔය ආශ්‍රිත ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments