Homeදේශීයතාවකාලික රියදුරු බලපත්‍ර අද සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත්කෙරේ

තාවකාලික රියදුරු බලපත්‍ර අද සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත්කෙරේ

තාවකාලික රියදුරු බලපත්‍ර අද දිනයේ සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඕනෑම පුද්ගලයෙකුට රියදුරු බලපත්‍රය අලුත් කිරිම සදහා වෛද්‍ය සහතිකය ලබාගැනිමෙන් පසුව තාවකාලික රියදුරුබලපත්‍රය ලබා ගැනීමට හැකි බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සදහන් කළා.

මහජනතාව දිගුපෝලිම්වල පැය ගනන් රැදි සිටිම,තැරැව්කරුවන්ට හසුවීම වැනි කාරනා පදනම් කරගෙන තාවකාලික රියදුරු බලපත්‍රය නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කිරිමට තීරණය කළ බව ඔහු පැවසුවා.

නියමු ව්‍යාපෘතියක් ලෙසට මෙය අද සිදු කරනු ලබනවා.

යම් කිසි රියදුරු බලපත්‍රයක සංශෝධන සිදුකිරිමට ඇත්නම් වේරහැර හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙනත් කාර්යාලයකට ගොස් එම කටයුතු කර ගැනීමට සිදු වනවා.

රියදුරු බලපත්‍රයේ කිසිදු සංශෝධනයක් අවශ්‍ය නැතිනම් තාවකාලික රියදුරු බලපත්‍රය අද සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගැනිමේ හැකියාව පවතිනවා.

ඉදිරියේදී රියදුරු ස්ථිර බලපත්‍රය ද මෙම ස්ථානයෙන් නිකුත් කිරිමට අදහස් කරන බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments