වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහගේ කෝටි 27.5ක වත්කම් ගැන මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල සංවාදයක් ඇති වෙමින් තිබේ.
සිය වත්කම් ප්‍රකාශය තුළ වසන්ත සමරසිංහ විසින් ප්‍රකාශ කර ඇති වත්කම් ප්‍රමාණය මෙසේය.
වාණිජමය ගොඩනැගිල්ල – වටිනාකම රුපියල් මිලියන 150
තට්ටු තුනක වාණිජමය ගොඩනැගිල්ල – වටිනාකම මිලියන 75
පදිංචි නිවස – වටිනාකම මිලියන 10
කිලො වොට් 30 ක සෝලාර් පවර් යුනිට් දෙකයි – වටිනාකම මිලියන 6.5 සහ 3.25 යි.
රත්තරන් පවුම් 17.5 වටිනාකම රුපියල් මිලියන 4.5
ටොයෝටා ප්‍රියස් මෝටර් රථය – වටිනාකම රුපියල් මිලියන 15
ස්ථාවර තැන්පතුව – ලක්ෂ 2 යි
ඉතුරුම් තැන්පතුව – ලක්ෂ 11 යි
ඉතුරුම් තැන්පතුව – ලක්ෂ 6.5
LOLC සමාගමේ කොටස් 21000 – වටිනාකම රුපියල් මිලියන 12
ක්‍රිප්ටො – 3000 රුපියල් මිලියන 1)
ආදායම් මෙසේ සඳහන්ය.
කූලි ආදායම – රුපියල් මිලියන 5’1
කූලි ආදායම – රුපියල් මිලියන 7
සමාගම් ආදායම – රුපියල් මිලියන 3
සෝලර් පවර් ආදායම – ලක්ෂ දෙකයි
ඒ අනුව ඔහුගේ සම්පූර්ණ වත්කම් (නිල) – රුපියල් මිලියන 275 / රුපියල් කෝටි 27’5 ක් ලෙස සඳහන්ය.
මේ සංවාදය ඇතිවීමත් සමග පැවති රූපවාහිනි සංවාදයක දී වසන්ත සමරසිංහගෙන් මේ ගැන නිවේදකයා ප්‍රශ්න කළේය.
ඊට ඔහු ලබා දුන් පිළිතුර මෙසේය.
ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරිය, කථානායකවරයා, ඇමතිවරුන් ඇතුළු රටේ ප්‍රධාන වගකීම් දරණ අයගේ වත්කම් – බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ වෙබ්සයිට් එකේ ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. මම ඇමතිවරයෙක් වීමත් සමග ලබාදෙන්න ඕනෙ අපේ වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශය, අපි ඒක තමයි දීලා තියෙන්නෙ. එතකොට මේ සමහර ෆේස්බුක් ඇතුළු අය අමන්දානන්දයට පත්වෙමින් මේ කියන කතාවට මගේ පැත්තෙන් පැහැදිලිකිරීමක් කරන්න මට වගකීමකුත් තියෙනවා.
මේ වත්කම් හා වගකීම් ප්‍රකාශය දෙද්දී, මම තඹුත්තේගම අපේ ගම. තඹුත්තේගම කවුරුත් අපිව දන්නවා, අපෙ පවුලත් දන්නවා. අපි තඹුත්තේගම සිට කොළඹ ඇවිත් කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරලා දේශපාලනය කරන ගමන් සමහරු හිතන් ඉන්නවා මේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක දේශපාලනය කරන අය මොකුත් කරන්නෙ නැතිව දේශපාලනය විතරයි කරන්නෙ කියලා. ඔය අපෙන් ප්‍රශ්නයක් අහනවානෙ පඩි ගන්නෙ නැතිව කොහොමද ඉන්නෙ කියලා. අපි දේශපාලනය කරන ගමන් අපෙ කළමනාකරණයකුත් තියෙනවා. ඒක ඇතුළෙ මට මගේ පවුලෙන් ලැබිච්ච දේපළ ප්‍රමාණයක් තියෙනවා.



