Homeදේශීයඅර්චුනා පක්ෂ වෙයි. චාමර විතරක් විරුද්ධයි.

අර්චුනා පක්ෂ වෙයි. චාමර විතරක් විරුද්ධයි.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබද දෙවනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමිවිය.සමගි ජන බලවේගය,ඉලංකෙයි තමිල් අරසු කච්චි,එක්සත් ජාතික පක්ෂය,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු විපක්ෂයේ කිසිදු දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ සිටියේ නැහැ.නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පමණක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලදී.යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බවය.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගත් තීරණයක් අනුවය.

අද පෙරවරු 11:30 සිට පස්වරු 3:30 දක්වා විවාදය පැවැත්විණි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments