Homeදේශීයජනාධිපතිවරුන්ගේ හිමිකම් ( ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත කළහැකියි.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ( ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත කළහැකියි.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ( ඉවත් කිරීමේ ) නමැති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට පටහැනි නොවන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් කථානායකවරයා දන්වා සිටියේය .
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාශයට පත් කරමිනි.
මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවත්,මීට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම ප්‍රතික්ෂේප කර තිබෙන බවත් කථානායකවරයා සඳහන් කළේය.

මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දැනුම් දෙමින් කතානායකවරයා මෙසේද ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවත්, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.
තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තියේ සඳහන් අනිවාර්ය විධිවිධානවලට අනුකූලව අධිකරණ බලය අයැදීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කර ඇති අංක SC/SD/29/2025 දරන පෙත්සම ප්‍රතික්ෂේප කර ඇති බවත් කථානායකවරයා විසින් වැඩිදුරටත් නිවේදනය කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments