කටුනායක ගුවන්තොටුපළේ 16 වනදා රාත්‍රියේ දැඩි තදබදයක් පැවති බවට චෝදනා කරමින් ගුවන් මගීන් බලධාරීන්ට පැමිණිලි කර ඇත.
පරීක්ෂා කිරීමේ කවුන්ටරයේ මෙන්ම ආගමන විගමන කවුන්ටරයේද මෙම තදබදය සමග දිගු පෝලිම් පැවති බව වාර්තා වේ.
මේ හේතුව මත සමහර මගීන් කියා සිටියේ පැවති තදබදය සමග ප්‍රමාදයක්ද පැවතීමෙන් ඔවුන්ගේ ගුවන් ගමන් පවා මග හැරීමට ඉඩ පැවති බවයි.
සීමිත වේලාවක් තුළදී ගුවන් ගමන් කිහිපයක් සැලසුම් කර තිබීම නිසා ප්‍රමාණය ඉක්මවා මගීන් රැස්වීම හේතුවෙන් මෙසේ පිටත්වීමේ පර්යන්තයේ දැඩි තදබදයක් පැවති බව වාර්තා වේ.
මේ හේතුවෙන් බොහෝ මගීන් පිරිසක් අපහසුතාවට පත්ව සිටි බවත් ඔවුන් අතර විදේශික සංචාරකයන්ද වූ බව වාර්තාවේ.
ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ මේවනවිට දහස් ගණනින් පැමිණෙන විදෙස් සංචාරකයින්ට හා දේශීය ගුවන් මගීන්ට පහසුකම් දීමට තරම් ධාරිතාවයක් ගුවන් තොටුපල සතුව නොමැති බවයි. එහෙයින්,ජපන් රජයේ ආධාර යටතේ කටුනායක ගුවන්තොටුපළ දෙවැනි අදියර පුළුල් කිරීමේ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.



