Homeදේශීයදැක්මක් සහිත පත්‍රිකාවක් (vision paper) කෙටුම්පත් කෙරේ

දැක්මක් සහිත පත්‍රිකාවක් (vision paper) කෙටුම්පත් කෙරේ

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නාරාහේන්පිට, කිරුළ පාරේ පිහිටි නිවසට රැස්වී, වර්තමානයේ රට මුහුණදී සිටින අර්බුදවලට විසඳුමක් ලෙස දැක්මක් සහිත පත්‍රිකාවක් (vision paper) කෙටුම්පත් කිරීමට සාකච්ඡා කර ඇත.

එසේ කෙටුම්පත් කෙරන පත්‍රීකාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය හා පොහොට්ටු පක්ෂවල නායකයින් සමග එළඹෙන සතියේ සිට සාකච්ඡා ඇරඹීමටද එම රැස්වීමේදී තීරණය වී තිබේ.

වාර්තාවන අන්දමට මෙම රැස්වීම සඳහා මිලින්ද මොරගොඩ, චම්පික රණවක, දයාසිරි ජයසේකර, නිසාම් කාරියප්පර්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්, රමේෂ් පතිරණ, ප්‍රේමනාත් දොලවත්ත, මයන්ත දිසානායක, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, අනුර ප්‍රියදර්ශනයාපා සහ ජී එල් පිරිස් ඇතුළු හිටපු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වී තිබේ.

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට තීරු බදු පැනවීමේ යෝජනා ඉදිරිපත් කල මුල් අවස්ථාවේදී හිටපු මුදල් අමාත්‍යවරයකු වූ මහාචාර්ය ජී. එල්. පීරිස් අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධානි හා ආර්ථික විද්වතුන් පිරිසක් සමග ඊට අදාලව සාකච්ජා කර ඊට විසඳුම් පත්‍රීකාවක් සකසා තිබු අතර ඒ සම්බන්ධයෙන් වරින්වර විපක්ෂයේ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් කැඳවා අදහස් හුවමාරු කරගෙන තිබිණ. අනතුරුව මෙම හමුව පුළුල් කරමින් ස්ථිර දේශපාලන වේදිකාවක් ලෙස පවත්වාගෙන යාමට යෝජනා කර ඇත්තේ හිටපු අමාත්‍යවරයකු වූ මිලින්ද මොරගොඩයි.

පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය චම්පික රණවක පැවසුයේ, මෙම හමුව ආණ්ඩුව පෙරලීම සඳහා විපක්ෂයේ පුළුල් පෙරමුණක් ගොඩනැගීමේ අරමුණින් සිදුවූ සාකච්ජාවක් නොවන බවයි.

කිසිදු දේශපාලන සංධානයක් හෝ ආණ්ඩු විරෝධී සන්ධානයක් ගොඩනැගිමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක එහිදී අවධාරණය කළේය.

රට පෙළෙන සමාජ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් එකඟතා ඇතිකරගෙන ඉදිරියේ දී කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ සාකච්ඡා කළ බව ද හිටපු ඇමතිවරයා වැඩි දුරටත් පැවසිය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments