Homeදේශීයවිනිසුරුවරුන් 30කට එරෙහිව පැමිණිලි

විනිසුරුවරුන් 30කට එරෙහිව පැමිණිලි

මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් 30 දෙනෙකුට පමණ එරෙහිව පැමිණිලි සහ චෝදනා මත විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) සළකා බලමින් සිටින බව වාර්තා වේ.

පසුගිය සතිය තුළ අධිකරණ සේවා කොමිසම විනිසුරුවරුන් පස් දෙනෙකුගේ වැඩ තහනම් කළේය.

මොරටුව දිසා විනිසුරු තිළිණ ගමගේ සහ මොනරාගල අතිරේක දිසා විනිසුරු රංජනී ගමගේ ද ඊට ඇතුළත් ය.

වැඩ තහනම් කරන ලද අනෙක් විනිසුරුවරුන් තිදෙනා අධිකරණ සේවයට මෑතකදී බඳවා ගත් අය වෙති.

ඔවුන්ගෙන් එක් අයෙකු මැතිවරණවලට තරඟ කර ඇති අතර ඔහු පත් කිරීමට පෙර ඒ බව හෙළි කර නොමැති බව වාර්තා වේ.

ලැබුණු පැමිණිලි මත පදනම්ව පරීක්ෂණ පැවැත්වීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන තිබේ.

පැමිණිල්ල නිර්නාමික එකක් නම්, මූලික පරීක්ෂණයක් පවත්වනු ලැබේ.

අධිකරණ සේවා කොමිසම පරීක්ෂණය ඉදිරියට ගෙන යෑමට තීරණය කළහොත්, චෝදනා පත්‍රයක් නිකුත් කරනු ලබන අතර චෝදනා විභාග කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු පත් කරනු ලැබේ.

විනිසුරුවරුන්ට එල්ලවන චෝදනා අතර පාර්ශවයන්ට පක්ෂපාතී වීම සහ සේවාව අපකීර්තියට පත් කරන ආකාරයෙන් ක්‍රියා කිරීම ද ඇතුළත් බව දැනගන්නට තිබේ.

මේ අතර, අධිකරණ සේවා කොමිසමේ පුරප්පාඩුවක් පිරවීම සඳහා විනිසුරු එස්. තුරෙයිරාජා පත්කර ඇති අතර, අධිකරණ සේවා කොමිසමේ නව ලේකම්වරයා ලෙස බදුල්ල මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් නම් කර ඇත.

ඔහු මීට පෙර කඩුවෙල සහ නුගේගොඩ යන ප්‍රදේශවල සේවය කිරීමට අමතරව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙසද සේවය කළේය.

හිටපු ලේකම් සංජීව සෝමරත්න ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයකු ලෙස පත් කර ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments