Homeදේශීයබිත්තරේ විස්තරේ

බිත්තරේ විස්තරේ

ලංකාවට දෛනිකව අවශ්‍ය බිත්තර ප්‍රමාණය ලක්ෂ 85ක් පමණ වුව ද මේ වනවිට දිනපතා බිත්තර එක් කෝටි විසි පන් දහසක් පමණ නිශ්පාදනය වන බවත් මේ අතිරික්තය කුකුළු පාලනය කරන ගොවීන් බරතපතල අර්බුදයකට පත් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ දී අනාවරණය ක‍ළේය.
ඔහු පෙන්වා දෙන්නේ මහ බැංකුව විසින් බිත්තරයක නිශ්පාදන වියදම රුපියල් 34.85ක් ලෙස නිර්ණය කර ඇති නමුත් මේ වනවිට බිත්තරයක මිල නියම වන්නේ රුපියල් 30කට අඩුවෙන් බවත්, ගිය සතියේ මහා පරිමාණ වෙළෙන්දන් බිත්තරයක මිල නියම කළේ රුපියල් 28කට බවත් පැවසුවේය.

බොහෝ විට සුළු පරිමාන ගොවීන්ගෙන් බිත්තරයක් අතරමැදියන් මිලදී ගන්නේ රුපියල් 20 හෝ 22ට බවද හෙතෙම පෙන්වා දුන්නේය. කොවිඩ් සමයේ බිත්තරයක් රුපියල් 52 වැනි මිලකට යත්ම කුකුළු පාලනය ව්‍යාප්ත වීමත් සමග මේ අතිරික්තය ඇති වි තිබෙන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා මවු කිකිළියන්ගේ වාර්ෂික අවශ්‍යතාවය ලක්ෂ 85ක් වුව ද මේ වනවිට වාර්ෂිකව මව් කිකිළියන් එක් කෝටි තිස් ලක්ෂයක් හදා ඇති බවත් මේ අභිජනනය පාලනය කිරීම නොකළහොත් සිදුවන ව්‍යසනය බරපතල වනු ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments