Homeදේශීයයහපාලන ආණ්ඩු කාලයේ නඩු ගැන අපූරු උත්තරයක් එයි

යහපාලන ආණ්ඩු කාලයේ නඩු ගැන අපූරු උත්තරයක් එයි

2015 වර්ෂයේ සිට 2019 දක්වා කාල පරිච්ඡේදයේදී සිදුවී ඇති වංචා,දූෂණ සහ ඝාතන සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දේශපාලකයන්ට සහ රාජ්‍ය නිළධාරීන්ට එරෙහිව 2020 වර්ෂයේ සිට 2024 දක්වා කාලය තුළ පවරා ඇති නඩු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ලබා දුන් පිළිතුරට අනුව පැවති යහපාලන රජයේ කිසිදු දේශපාලනඥයෙකුට නඩු පවරා ඇති බවට එම පිළිතුරේ සඳහන් නොවේ.

2020 – 2024 පවරා ඇති නඩු සංඛ්‍යාව 157කි.
ඒ අතරින් මේ වනවිට නඩු කටයුතු අවසන් වී ඇති නඩු සංඛ්‍යාව හැට පහකි.

මෙම අවසන් වූ නඩු අතුරින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජීන් වාස් ගුණවර්ධන,හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්,අඹගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එම්.එම් දිනේෂ් යන දේශපාලනඥයින් සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ,සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ යන අය නඩුවලින් නිදහස් කර ඇත.

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සහ දෙහි වූ විට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රියන්ත උදය කුමාර යන අය පමණක් වරදකරුවන් වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments