විපක්ෂයට වැඩි බහුතරයක් හිමිව තිබූ කුරුණෑගල දිස්ත්රික්කයේ කුලියාපිටිය නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරයත් සමගි ජන බලවේගයට හිමිවිය.
ඒ අනුව කුලියාපිටිය නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ගාමිණී කරුණාරත්න මහතා කුලියාපිටිය නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගන්නා ලදී.
රත්නපුර දිස්ත්රික්කයේ කහවත්ත ප්රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට හැකි විය.
ඒ අනුව සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ගුරුගේ ශාන්ත ප්රියංකර මහතා කහවත්ත ප්රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස පත්විය.
සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ නන්දසිරි පරාක්රම මහතා කුරුණෑගල දිස්ත්රික්කයේ පන්නල ප්රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස තේරී පත්විය.
වැලිගෙපොළ ප්රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය චමින්ද දසනායක මහතාට ලබා ගැනීමටත් හැකි විය.
විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වත්තල මාබෝල නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරයට විජය රාජ ප්රකාශ් මහතා පත් කරගැනීමටත් සමගි ජන බලවේගය සමත් විය.