Homeදේශීයඅකුරණ සහ කඩුගන්නාව සජබට, උඩුබද්දාව සහ කුලියාපිටිය පොහොට්ටුවට

අකුරණ සහ කඩුගන්නාව සජබට, උඩුබද්දාව සහ කුලියාපිටිය පොහොට්ටුවට

මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව නගර සභාවේ බලය සහ සභාපති ධුරය සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂ පක්ෂය විසින් අත්පත් කරගෙන ඇත.

කඩුගන්නාව නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය පැවති විට, බහුතර සහයෝගය ඇතිව සමගි ජනබලවේගයේ අපේක්ෂක ලක්ෂිත අබේරත්න නගරාධිපතිවරයා ලෙස තේරී පත් විය. අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය වැඩි ඡන්දයෙන් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට හිමිව තිබෙනවා.

ඒ පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද තුනකින් සමගි ජන බලවේගයේ ඉස්තිහාර් ඉමාදුදීන් මහතා සභාපතීත්වයට පත්වීමෙන්.

සභිකධූර 30 ක් හිමි අකුරණ ප්‍රාදේශීය සභාවේ පැමිණි සභිකයින් 29 දෙනෙක් ඡන්දය භාවිත කර තිබෙනවා.

සභාපති ධූරය සඳහා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ තාරික් අලී මහතාට ලැබී ඇත්තේ ඡන්ද 13 ක් පමණයි.

මේ අතර, පොදුජන එක්සත් පෙරමුණේ චමින්ද තිලකරත්න මහතා ඡන්ද 18 ක් ලබාගෙන උපසභාපති ධූරයට පත්වූණා.

ඒ සඳහා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ වසන්ත කුමාර මහතා ලබාගත්තේ ඡන්ද 11 ක් පමණයි. උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්,උප සභාපති ධූරය සමගි ජන බලවේගයටත් හිමි වී තිබේ.ඒ සභිකයින් දහ දෙනෙකුගේ ඡන්දය ලැබීමෙන්.ජාතික ජන බලවේගයට හිමිව ඇත්තේ ඡන්ද නමයක් පමණි. කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමද සිදුව තිබේ.එම සභාවේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමිව ඇත.උපසභාපති ධූරය හිමිව ඇත්තේ සමගි ජන බලවේගයටයි.එහිදී ඡන්ද විසි පහක් සභාපතිවරයාට හිමි වී ඇති අතර,ජාතික ජන බලවේගයේ සභාපති අපේක්ෂකයාට හිමිව ඇත්තේ ඡන්ද විසි එකක් පමණි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments