Homeජාත්‍යන්තරපලස්තීන තානාපති ආරක්‍ෂක කවුන්සිලයේදී හඬා වැටෙයි

පලස්තීන තානාපති ආරක්‍ෂක කවුන්සිලයේදී හඬා වැටෙයි

ගාසා යුද ගැටුම් හේතුවෙන් ජීවිත අහිමිවූ කුඩා දරුවන් පිළිබඳ සිහි කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීන තානාපති රියාද් මන්සූර් හඬා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ තානාපතිවරයා මෙලෙස සඳහන් කළ බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

“සටන් විරාමය අවසන් වූවාට පසු මේ දක්වා පලස්තීන දරුවන් 1,300ක් මිය ගිහින්. තවත් 4,000කට පමණ තුවාල සිදුවී තිබෙනවා. අහිංසක දරුවන් බිලි ගනිමින් මේ කුරිරු යුද්ධය තවදුරටත් සිද්ධ වෙනවා. තවත් දරුවන් විශාල ප්‍රමාණයක් ආහාර නැතුව දුර්වලවී මිය යනවා. දරුවන්ගේ මළසිරුරු වැලඳගෙන මවුවරු හඬා වැටෙන ඡායාරූප හද කම්පා කරවනවා. අපි හදවතක් නැති අය වගේ පලස්තීනුවන්ගේ තත්ත්වය දිහා බලා ඉන්නවා.”

RELATED ARTICLES

Most Popular

Recent Comments