Homeදේශීය5ක් මියගිහින් 9 ක කමිටුවක් පත්කෙරේ.

5ක් මියගිහින් 9 ක කමිටුවක් පත්කෙරේ.

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය මාදුරු ඔය ජලාශයට කඩා වැටීමේ සිද්ධිය පිළිබදව සොයා බැලීම සදහා ගුවන් හමුදාපතිවරයා විසින් 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මෙම බෙල් 212 යානය අද උදෑසන මෙසේ කඩා වැටුණා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබෙන බවයි.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණා.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments