සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ දේශීය වෙළෙඳ පොළේ උඩරට සහ පහතරට එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවලු තොග සහ සිල්ලර වෙළෙදුන් පවසනවා.
ඒ අනුව එම වෙළෙදුන් කියා සිටියේ, බෝංචි කිලෝවක් රු.600-700, බටු කිලෝවක් රු.600, කැරට් කිලෝවක් රු.400, නුවරඑලිය අල කිලෝවක් රු.600, තක්කාලි කිලෝවක් රු.800 ක් සහ අනෙකුත් සෑම එළවලුවක්ම රු.400ත් 500ත් අතර සිල්ලර මිලකට අලෙවි වන බවයි.
එමෙන්ම, පොල් මිල රු.180 සිට රු.220 දක්වා වූ සිල්ලර මිලකට අලෙවි වන අතර, ඇඹුල් සහ සීනි යන කෙසෙල් කිලෝවක මිල රු.160කට අලෙවි කරනු ලබනවා.
පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාපතයත් එළවලු මිල ඉහළ යාමට හේතුවක් වූ බවයි වෙළෙදුන් කියා සිටියේ. කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය මිල, අමතර දත්ත සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර පදනම් කරගනිමින් වෙරිටේ රිසර්ච් ආයතනය සමීක්ෂණයක් සිදුකර ඇත.
ඒ අනුව මෙවර අලුත් අවුරුදු කෑම මේසයේ වියදම පසුගිය 2024 වසරට සාපේක්ෂව 7%කින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය සදහන් කරයි.
මෙම සමීක්ෂණය, කිරිබත් කෑලි 10ක්, කෙසෙල් කිලෝග්‍රෑම් 1ක්, අලුවා කෑලි 15ක්, කේක් කිලෝග්‍රෑම් 1ක්, දොදොල් කිලෝග්‍රෑම් 1ක්, කොණ්ඩ කැවුම් 20ක්, මුංකැවුම් 15ක් සහ කොකිස් 20ක මිල ගණන් මත සිදුකර ඇත.