Homeදේශීයඅපේ සමහරු මම වේදිකාවේ දැකලත් නෑ

අපේ සමහරු මම වේදිකාවේ දැකලත් නෑ

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පවසා සිටියා.

අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් මන්ත්‍රිවරු තමන් වේදිකාවකදී පවා දැක නොමැති බවයි.

youtube නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

එහිදි අමාත්‍යවරයා පවසා සිටියේ,
”පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රි සංයුතිය ගත්තොත් NPP කියන අන්තර්ගතය සහිත ආපු අය තමයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ.තාම අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා මට සැකයි සජිත්ලගේ කවුරු හරි කෙනෙක්ද අපේ කෙනෙක්ද කියලා.දැක්කම එකපාරට අදුරන්නේ නැහැ.ආවනේ 159ක් .ඇත්තම කියනවනම් මම වේදිකාවක දැකලා නැහැ සමහරු.අපේ හයිලයිට් වුන සමහර අය නැහැ…අහන්නත් බැහැ මල්ලි (සහෝදරයා)අපේ පක්ෂෙද කියලා…”

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments