Homeදේශීයදේශබන්දු ගැන විමර්ශන කමිටුව පත්කිරීම ලබන සතියේ

දේශබන්දු ගැන විමර්ශන කමිටුව පත්කිරීම ලබන සතියේ

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව එල්ල වී ඇති විෂමාචාර සහ බලය අයුතු ලෙස භාවිත කිරීමේ චෝදනා විමර්ශනය කිරීමේ කමිටුවට සාමාජිකයන් පත්කිරීම ලබන සතියේ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කථානායකවරයා විසින් අගවිනිසුරු ඇතුළු අදාළ පාර්ශව වෙත ලිඛිතව දැනුම්දී ඇති බව පැවසේ.

ස්ථාවර නියෝගවලට අනුව අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරයකු පත්කිරීමට අවශ්‍ය වන අතර අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා විසින් එකඟවන වෘත්තිකයෙකු ද කමිටුවට නම්කළ යුතුය.

විධිවිධානවලට අනුව ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා කමිටුවේ අනිවාර්ය සාමාජිකයකු ලෙස ඇතුළත් කළ යුතුය.

කමිටුව විධිමත් ලෙස ස්ථාපිත කිරීමෙන් පසු විමර්ශනය වහාම ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

දේශබන්දු තෙන්නකෝන් විෂමාචාර සහ බලය අයුතු ලෙස භාවිත කිරීම හේතුවෙන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා විමර්ශන කමිටුවක් පත්කිරීමේ යෝජනාවක් අප්‍රේල් 8 වැනි දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 151 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර කිසිවකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර නොතිබිණි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments